සෑම දෙමාපියකුගේම සිහිනය වන්නේ තම දරුවන්ගේ අනාගතයයි….එහෙත් තමන්ගේ දරුවාගේ අනාගතය පමණක් නොව සමස්ත ශ්‍රී ලංකා දේශයේම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී නූපන් පරම්පරාවට පවා නිදහස් නිවහල් රටක් දායාද කල අභීත රණවිරුවන් හා ඔවුනගේ ගෞරවණීය දරුවන් වෙනුවෙන් එමාල් ගුණසේකර පදනම ක්‍රියාවට නංවන “විරු හදට සවියක්” ක්‍රියාන්විතයේ දෙවන අදියර පසුගිය ජනවාරි 25 පස්වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය…එහිදී පසුගිය වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් දූ පුතුන් 46 දෙනකුට නව වසරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු පාසැල් උපකරණ ලබා දීම සිදුවිය…අනාගතයේ යම් දිනක අධ්‍යාපනයෙන් ලොව දිනා සිය පියවරුන් මවුවරුන් දිවි හිමියෙන් දිනා දුන් දේශය බබළවන්නට ඔවුනට අපගේ සුභාසිංශනය එක්කරන අතර විරු හදට සවියක් වන්නට අප හා එක්වන්නට ඔබට ඇරයුම් කරන්නෙමු…